Friday, September 12, 2014

මොනවද මේ හයිබ්‍රිඩ් වාහන කියන්නේ ?

ඔයාලට පාරට බැස්සම පේනවනේ හැමතැනම හයිබ්‍රිඩ් කාර් (Hybrid Cars). ඇත්තටම මොනවද මේ හයිබ්‍රිඩ් වාහන කියන්නේ. අපිට මෙන්න මෙහෙම කියන්න පුළුවන්, යම් වහනයක් දාවනය කිරීමට බලශක්ති ප්‍රභව දෙකක් හෝ ඊට වැඩිය භාවිතා කරනවානම්, අපිට ඒ වහනයට කියන්න පුළුවන් හයිබ්‍රිඩ් වහනයක් කියල. මෙම පදය වැඩි වශයෙන් භාවිතා වනුයේ අභ්‍යන්තර එන්ජිමක් සහ එලෙක්ට්‍රික් මෝටර් එකක් හෝ වැඩි ප්‍රමාණයක එකතුවකින් හෙබි වාහන සදහායි. කොහොම වුවත් මේවායේ බලශක්තිය උකහාගැනීමට, ගබඩාකිරීමට හා භාවිතය සදහා වෙනත් යන්ත්‍රද ඇතුලත්ය.

කොහොම වුවත් අපිට මෙම වාහන වලත් වැසි මෙන්ම අවාසි ද දැකගැනීමට පුළුවන්,

හයිබ්‍රිඩ් වාහන වල වාසි.
  • පෙට්‍රෝලියම් බලයෙන් ධාවනය වන වාහනවලට වඩා හයිබ්‍රිඩ් වාහන බදු අඩුවීම,
  • අනෙකුත් වාහන මෙන් හයිබ්‍රිඩ් වාහනවලට නිතර ඉන්ධන පිරවීම අවශ්‍ය නොවන බැවින් ඉන්ධන විහදම ඉතිරි වීම,
  • කාර්යක්ෂම සැතපුම් ගණනක් ලැබිය හැකි වීම,
  • අමතර කොටස් හානි කළ හැකි තරමේ ඝර්ෂණයක් එන්ජිමේ නොවන බැවින් එවැනි කොටස් සවිකිරීම අවශ්‍ය නොවීම,
  • නඩත්තු වියදම සැළකිය යුතු තරමින් අඩු වීම,
  • පුනර්ජනන පද්ධතියකින් හෙබි මෙම වාහන ජනකයක් හා බලගැන්වීමේ උපාංගයක් ලෙස බැටරි ආරෝපණය කරයි.
හයිබ්‍රිඩ් වාහනවල අවාසි.
  • හයිබ්‍රිඩ් තවමත් තරමක නව තාක්ෂණයක් වන අතර එය ඉතා හොඳින්පරීක්ෂා කොට නැත.
  • සම්ප්‍රදායික වාහනවලට වඩා හයිබ්‍රිඩ් වාහන බරින් අඩුවන අතර අනතුරුවලට භාජනය වීමේ ඉඩ වැඩිය.
  • ධාවනයේදී හයිබ්‍රිඩ් වාහන පරිසර හිතකාමී වුව ද,නිෂ්පාදන ක්‍රියාවලියේදී දෙගුණයකින් පරිසරය දූෂණය කරයි.
  • ත්වරණ බලය සැළකිය යුතු මට්ටමින් අඩු ය.

0 comments:

Post a Comment

 

Home | Blogging Tips | Java Scripts | Make Money | Payment | PTC Review

සීග්‍ර © Template Design by Herro | Publisher : Templatemu