Blogger වල post, body සහ Sidebar එකේ පළල වෙනස් කරන්නේ කොහොමද ?
ගොඩක් google blogger වලින් බ්ලොග් ලියන අයට තියෙන ගැටළුවක් තමයි තමන්ට හොද බ්ලොග් අච්චුව (template) එකක් දාගත්තත් එහි බ්ලොග් post එකේ body එකේ සහ Sidebar එකේ පළල නොගැලපෙන එක. ඉතින් මේ කියල දෙන්න යන්නේ කොහොමද බ්ලොග් අච්චුවේ නැතිනම් template එකේ පළල වෙනස්කරගන්නේ කොහොමද කියල. පහත තියෙන පිළිවෙල අනුගමනය කරන්නකෝ.
- පළමුවෙන්ම තමන්ගේ බ්ලොග් එකල ඇතුළු වෙන්න,
- ඊට පසුව Design tab එක යටතේ තියෙන Edit HTML තෝරාගන්න,
- ඉන් පසුව ඔයාලට html කේත ගොඩක් තියෙන මුහුණතක් විවෘත වෙනවා.
- ඉන්පසු පහත තියල කේත සොයා බලන්න.
/* Outer-Wrapper----------------------------------------------- */#outer-wrapper {width: 660px;margin:0 auto;padding:10px;text-align:$startSide;font: $bodyfont;}
#main-wrapper {width: 410px;float: $startSide;word-wrap: break-word; /* fix for long text breaking sidebar float in IE */overflow: hidden; /* fix for long non-text content breaking IE sidebar float */}
#sidebar-wrapper {width: 220px;float: $endSide;word-wrap: break-word; /* fix for long text breaking sidebar float in IE */overflow: hidden; /* fix for long non-text content breaking IE sidebar float */}
මතක තියාගන්න තමන් html කේත වෙනස්කිරීමට කලින් එම template එක භාගත කරගන්න.
මෙහි #outer-wrapper යන්නෙන් අදහස් කරන්නේ ඔයාගේ බ්ලොග් එකේ මුළු පළල,#main-wrapper යන්නෙන් අදහස් කරන්නේ ඔයාගේ බ්ලොග් පොස්ට් (Blog post) එකේ මුළු පළල, ඒවගේම #sidebar-wrapper යනු ඔයාගේ template එකේ දෙපැත්තේ තියෙන කොටස්. මෙය sidebar දෙකක් තියෙනවනම් left sidebar-wrapper සහ Right sidebar-wrapper වීමට පුළුවන්.
එලෙසම ඔබ පලල වෙනස්කිරීමට ප්‍රථම #main-wrapper සහ #sidebar-wrapper යන කොටස්වල පළලවල් වල එකතුව මතක තබාගන්න, ඔබ ඉහත කොටස් දෙකේ width වෙනස්කිරිමේදී වෙනස් කල අගයන් වල එකතුව මුලින් පැවති එකතුවට සමාන වන සේ වෙනස්කිරීමට මතක තබාගන්න. නොඑසේනම් ඔබගේ බ්ලොග් එක අක්‍රමවත් විය හැකිය.

0 comments:
Post a Comment