Thursday, September 11, 2014

අන්තුරියම් වවන්නේ මෙහෙමයි.

ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ වල ඉතා සාර්ථකව වගකලහැකි ලාබදායි මල් වර්ගයක් තමයි අන්තුරියම් (Anthurium) කියන්නේ. කැපු මල් කර්මාන්තයට ප්‍රදාන ලෙසම දායක වන මෙම මල් වර්ගය සැකසු මල් බදුන් ලෙසද අලෙවිකළ හැක. ඒ සදහා අප ඒ ඒ පරමාර්ථයට ගැලපෙන වර්ග  තෝරාගත යුතුයි. වර්ණය මත පදනම් කරගෙන අන්තුරියම් ප්‍රධාන අකර හතකින් යුක්ත වෙයි.
  1. රතු
  2. තැඹිලි 
  3. රෝස
  4. සුදු
  5. කොළ
  6. පබළු රෝස
  7. ද්විවර්ණ.
දේශගුණික අවශ්‍යතා 
තෙත් කලාපයේ මුහුදු මට්ටමේ සිට අඩි 4000 ක උච්චත්වයක් ඇති ප්‍රදේශ දක්වා ඉතා සාර්ථකව වගාකළ හැකිය.
  • සුදුදු උෂ්ණත්වය සේ.ග්‍රේඩ් 21 -30
  • සෙවන 70 % - 75 %
  • ආර්ද්‍රතාව 50 % - 70 %
  • වර්ෂාපතනය  - මිලි මීටර් 1500 ට වඩා
  • දැඩි සූර්ය රශ්මිය සහ ඉහල උෂ්ණත්වය නිසා පහතරට තැනිතලා ප්‍රදේශවල අන්තුරියම් වගාවේ පත්‍ර හා මල් පිළිස්සීම සිදුවෙයි.
අන්තුරියම් සදහා වගා මාධ්‍ය 
අන්තුරියම් සදහා යෝග්‍ය වන්නේ හොදින් ජලය බැස යන ලොම් පස වන අතර වගාකිරීම සදහා කොම්පෝස්ට් මිශ්‍රණය යොදාගනී.

  • දිරාගිය කොළ පොහොර කොටස් 02
  • ගොම පොහොර කොටස් 01
  • වැලි 1/2
  • අගල් 11/2 -2 ගඩොල් හෝ උළුකැට කැබලි කොටස් 1/4
  • අගල් 11/2 -2 අගුරු කොටස් 1/4
කොම්පෝස්ට් මිශ්‍රණයට කුඩා ගඩොල් කැබලි හෝ උළු කැබලි එකතු කිරීම මගින් ජලවහනය දියුණු කරගත හැකිය.පහත ලිපි ද කියවන්න 


0 comments:

Post a Comment

 

Home | Blogging Tips | Java Scripts | Make Money | Payment | PTC Review

සීග්‍ර © Template Design by Herro | Publisher : Templatemu